Tuesday, June 20, 2017

හුදෙකලාවට අාදරෙන්.



 
හුදෙකලාවට අාදරෙන්.

ඔබේ මතකයෙන්
වික්ෂිප්ත වූ මනස
සමාජයෙන්
මා
අෑත් කිරීමට
සාධක විය..
හුදෙකලාව
උඹෙන් ලද
දායාදය
සවිඥාණික කළා
ජීවිතය
උමතුව
පරයමින්......


මලීෂ් කඹුරුගමුව.

















ගැබ්බර මිනිසා.

                                                                 

                                                             
                                                                 ගැබ්බර මිනිසා.


මොට්ටුවක හිත දැවටිලා
හදවත
අාදරෙන් ගැබ්බර වෙලා
අධිරෝපනයට ඉඩදී
හදවත විස්තාරනය වෙලා
විච්ඡේදනය කර කළල බන්ධය
අැය
අාදරය ගබ්සා කලා....
ගබ්සාවට පෙරාතුව නොදැණුනෙමි
ගැබ්බරිත බව අාදරෙන්
දැන උන්නනම්
එ් වග
ජීවය ලබා දෙමි
කළලීය අාදරයට
අැගේ පහස ලබන්නට....

මලීෂ් කඹුරුගමුව.





















Sunday, June 18, 2017

ඇහැළ ගහ.

ඇහැළ ගහ




ඇහැල ගහ
ආදරණීයව මල්බර වෙලා 
කහපාටට
ඇගේ රැවුම්, ගෙරවුම්, වලට බියපත්
 පොහොට්ටු
හොරැහින් බලයි මුකුළිත වන්න..


ටයිපින් කාමරය අසල
ඔබේ හුස්ම සමගැටෙන
ලැජ්ජාවෙන් ළෙලෙන
අහිංසක ඇහැල පොහොට්ටුවකි
තවම මම...


ඇසල මල්
සුවද තැවරුනු
දවසේ මිහිරිතම හඩ
ඇගේ රතැගිලි පහසින් උද්දාමයට පත්
යතුරු පුවරුවේ 
ආත්මීය සංධ්වනියයි...



මලීෂ් කඹුරුගමුව.
















Thursday, June 1, 2017

අධ්‍යාපන පෞද්ගලීකරනයේ ශෝචනීය ඉරනම....

අධ්‍යාපන පෞද්ගලීකරනයේ ශෝචනීය ඉරනම....


වෙළදපොළ අාර්ථික ක්‍රමයක් පවතින සමාජයක් අැතුළත භෞතික වස්තූන්ගෙන් ඔබ්බට ගොස් මානූෂීය හැගීම් පවා මේ මොහොත වන විට මුදලට ලංසු තියමින් පවතී.අධ්‍යාපනය ලැබීමේ අයිතිය වැනි මූලික මිනිස් අයිතිවාසිකම් පවා හරි අපූරැවට මුදල් මත තීරණය කිරීම නිදහස් අධ්‍යාපනයක් පවතිනවායැයි කියන රටක අධ්‍යාපනයේ ශෝචනීය ඉරණම පෙන්නුම් කරයි.පෞද්ගලික විශ්ව විද්‍යාල මෙහි උග්‍ර අවස්ථාවයි.මීට පෙර අවස්ථාව ටියුෂන්කරනයයි.
                                        දෙමාපියන්ගේ එ්කායන ප්‍රාර්ථනය වනුයේ තම දරැවනට ඉතා හොද අධ්‍යාපනයක් ලබා දීමයි.5 ශිෂ්‍යත්වය,සා.පෙළ,උසස් පෙළ වැනි තරග විභාගයන් මේ වන විටත් ටියුෂන් මාෆියාවට යට වී හමාරය.ටියුෂන්කරණයේ ප්‍රතිඵලය වනුයේ නිර්ධන පාංතික මෙන්ම පහල මධ්‍යම පාංතික පවුල්වල දෙමාපියනට තම දරැවන් වෙනුෙවන් හැම සතයක්ම පාසා වියදම් කිරීමට සිදුවීමයි.එයින් වැලකී සිටීමට එසේ නැතහොත් ටියුෂන් නොයවා සිටීමට නොහැකි තත්වයක් නිර්මාණය වී හමාරය.

අධ්‍යාපන පෞද්ගලීකරනයේ ඊළග දිගුව වන්නේ ටියුෂන්කරණයෙන් ඔබ්බට ගොස් පෞද්ගලික විශ්ව විද්‍යාල අැති කරලීමයි.වරප්‍රසාද ලත් පංතියකට පමණක් සීමාවන මෙය ධනපති පංතිය නඩත්තු කිරීමට ගත් මහත් පරිශ්‍රමයක් බව මනාව පැහැදිලිය.විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට නොහැකි පිරිසට රජය මගින් වෙනත් උසස් ඩිප්ලෝමා පාඨමාලා අාදිය හදුන්වා දී අැත(සතුට දායක මට්ටමකට නොවුනත්).එනමුත් සමාන සුදුසුකම් අැති පිරිසකගෙන් මුදල් අැති නැති හැකියාව මත වර්ග කර වරප්‍රසාද ලත් පැලැන්තියකට වෙෙද්‍ය උපාධිය හෝ වෙන යම් උපාධියක් ලබා දීම ඉතාම අශිෂ්ට,තුච්ච,පාදඩ ක්‍රියාවන් නොවන්නේ මන්ද?,රටක පුරවැසියන් ලෙස අාණ්ඩුවකින් බලාපොරොත්තු වනුයේ මෙවැන්නක්ද?

අාණ්ඩුව අධ්‍යාපන කප්පාදුකරනය කිරීමට මේ වන විටත් මුල පුරා අැත.පාසල් නිළ අැදුම් ලබා ගැනීමට මුදල් වවුචර ලබා දීම එහි මූලික අඩිතාලමයි.

කන්නංගර වාර්ථාව උපුටා දැක් වීම,


"අපේ අධ්‍යාපන ක්‍රමයේ සංසිද්ධිය වූකලි ගාස්තු ගෙවීමට පුළුවන් අය බෙහෙවින් අැතුළු වන සහ එසේ ගාස්තු ගෙවීමට නොහැකි අය යන දෙවර්ගයක පාසල් බිහිවීමයි.එකකින්, තවෙකකට මාරැවීම ලෙහෙසි කාර්යයක් නොවන හෙයින් දුප්පත් දෙමාපියන්ගේ දරැවෙකුට උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට අසීරැය.කවරදා හෝ ළමයා ඉංග්‍රිසි අධ්‍යාපනය අත්හිටුවන්නේ ඔහුගේ දක්ෂතාව සීමා වීමෙන් නොවේ.ඔහු වයස  14,16,හෝ 18 දී පාසල හැර යා නම් එයට හේතුව ඔහු සිය අධ්‍යාපනයේ සීමාවට පැමිණිම යයි කීමට ඉඩ තිබුණත් අැත්තෙන්ම මෙහි අැත්තේ පියාගේ පසුම්බිය හිස් වීමය.නැතහොත් සිය පවුලේ සහෝදර සහෝදරියන් උදෙසා ඉතිරි මුදල් ටික මිඩංගු කිරීමය."


එදා කන්නංගරයන් එය අවබෝධ කරගත් බැවින් පාසල් රජය සතු කරගත් අතර එතුමානන් විසින් නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය ලාංකීය ජන සමාජයට ලබා දුනි.එනමුත් තමන්ගේ පෞද්ගලික වුවමනාවන් හා වාසි තකා කුහක දේශපාලුවන් විසින් නිදහස් අධ්‍යාපනය ලැබීමට අැති අයිතිය අනාගත පරපුරෙන් උදුරා ගැනීමට දත කයි.ඔවුන්ගේ වෑයම සාර්ථක වීම යනු ඉතාම නුදුරැ අනාගතයේදීම පෞද්ගලික විශ්ව විද්‍යාල රකුසා නැති බැරි උන්ගෙන් අධ්‍යාපනයට අැති අයිතිය උදුරා ගැනීමයි.

අාණ්ඩුව බලයට පත් විමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා යැයි පුරසාරම් දෙසා බෑ බව උන්ට අමතක වී අැත.ප්‍රජාතන්ත්‍රවාද නියථාර්ථ විමට නම් අාගම් භේද, සමාජ හා අාර්ථික තත්වය නොතකා සියළුම විශ්ව විද්‍යාල ජනසතු විය යුතුය.ශිෂ්‍යයන් අැතුළු කර ගැනීම සීමා කරන ජනතාවගෙන් එක් කොටසකට පමනක් වෙන් වූ පෞද්ගලික විශ්ව විද්‍යාල පැවැත් වීමට ඉඩ දුන හොත් එය ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමකි.

                       අපි අාණ්ඩුවට තරයේ බල කර සිටිනවා සයිටම් ජනසතු කල යුතු බවට,මක්නිසාදයත් ජනතාවගේ මුදල් වලින් මේ අායතන ගොඩනැගී අැති හෙයිනි.එ් විතරක් නොව අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලීකරණය වහාම නැවැත්විය යුතුය.අයිතීන් දිනා ගන්නා තුරැ අරගලය අඛන්ඩව පවතින බවද මතක තබාගත යුතු වැදගත් කරැනකි.


                                                     මලීෂ් කඹුරුගමුව.




.