Thursday, July 27, 2017

අන්ධ (අ)වාසනාවන්තයා.

               
න්ධ  (අ)වාසනාවන්තයා.                            

ලෝකය දකින්නට වරම් නොලද මම
වාසනාව මුලිනුපුටා දැමුවේ
බහ තේරෙන අවදියේදීමය.
මක්නිසාදයත්, උත්පත්තියේදීම
මෙලොව එලිය දැකීමේ වාසනාව
මාව අතැරගොස් අැති බැවිනි.


කාලය කෙමෙන් ගෙවින
රැකියාව ලොතරැයි විකුණන්නෙකු විය.
දුම්රියපොළ රැකියා ස්ථානයයි මගේ
උදේ සවස හරි කලබලය
යනෙන උන්ගේ අඩි ශබ්ද, ජීවිතය කියාදේ මට
උදෑසන වේගයෙන් දුවන අඩි ශබ්ද
බලාපොරොත්තු පොදි බැදගත් වූවන්ගේ විය යුතුය.
සවස් වරැවේ මන්දගාමී අඩි ශබ්ද
බලාපොරොත්තු සුන් වූවන්ගේ විය යුතුය
ඔවුන්, ඔවුන්ගේ පාවහන් ගෙවා දැමීමට 
මහත්සේ කැමැත්තක් දක්වයි.


ඇතමුන් මා ළගට පැමින 
අසරණයාට උදව් කරනු පිණිස
මිලදී ගනියි ලොතරැයි, අනෙක් අයට පෙනෙන්ට
නමුත්, ඔවුන්ගේ අඩිශබ්ද 
කියාපායි හෘද සාක්ෂිය මට
කෙලෙසද, වාසනාවක් නොලද මගෙන්
අන්ධ මිනිසාගෙන් වාසනාව සොයන වග


ලෝකය නොදකින මගෙන්
ලොකය දකින ඔවුන්
වාසනාව සොයන විට
අසරණයා කව්ද?
මගේ අාත්මය සිනාසෙයි
වාසනාවට.....


මලීෂ් කඹුරුගමුව.


5 comments:

  1. නිමිත්ත,
    එ්ක හරියටම 2016 වර්ෂයේ මුල් භාගය.දවසක් සවස්වරැවක මරදාන දුම්රිය ස්ථානයේදි දකින්න ලැබෙනව ටිකට් විකුණන්නෙක්, හැබැයි ඔහු අනෙක් අයට වැඩිය වෙනස්.ඔහුගෙ අැස් පේන්නෑ.දුම්රිය ස්ථානයේදී ඔය විදියට දවස් කීපයක්ම මට ඔහු මුණගැහෙනව.දවසක් ඔහුව නිරීක්ෂණය කරන්න මට හිතුන.මම විනාඩි විස්සක් තිහක් විතර එ් මනුස්සය දිහා බලං හිටිය.එ් මනුස්සයගෙ හැසිරීම, ටිකට් ගන්න මිනිස්සු, දුම්රිය ස්ථානයෙ මිනිස්සුන්ගෙ කළබලය මේ හැම දෙයක් නිසාම හිතේ අැතිවුණ හැගීම්, විකාර අදහස් ගොඩක් එක්ක එදා හවස ගෙදර ගියේ.ගෙදර ගිහින් කොලයක් අරගෙන එ් හැගීම් වචන අස්සෙ හංගන්න ගත්ත උත්සාහයක ප්‍රතිඵලය තමයි මේ අන්ධ (අ)වාසනාවන්තයා යටතේ ලියවුනේ.කොහොම උනත් එ්ක අසම්පූර්ණයි.තව මොනවදෝ දේවල් ටිකක් එ් විදියටම හිර වෙලා තියෙනව.එ් දේවල් නිදහස් කරන්න (මගේ) භාෂාව තවම අපොහොසත්.

    ReplyDelete
  2. පිස්සූ හැදෙනවා බන් මට එදා උබව දකිද්දි මොකද්දෝ දෙයක් හිතුනා අද තමා හරියටම දැනගත්තේ සුපිරිය් මලීශ් keep it up❤️

    ReplyDelete
  3. ස්තූතියි මිත්‍රයා..මොකක්ද හිතුනෙ?

    ReplyDelete
  4. ලස්සනයි. වෙනස් විදිහේ සිතුවිල්ලක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.මේ පැත්තෙ අාවටත් බොහොම තුති.

      Delete