Saturday, July 29, 2017

'මෝටර් බයිසිකල්' මගේ අැසින්




මෝටර් බයිසිකල් තිරගත උනා,මට බලන්න යන්න මාර උනක් තිබුනෙ.මිතුරැ හවුලට යෝජනාවක් දැම්මත් ටිකෙන් ටික මග අැරැණ. අද එ්කට වෙලාව අාව.ෆිල්ම් එක බළල එලියට අාව විතරයි සෙට් එකම නොසෑහෙන්න දේවල් කියල මට සංග්‍රහ කලා.වැඩිදෙනා කිව්ව විදියට උන් බලපු පට්ට පජාති ෆිල්ම් එක.කොහොම උනත් මගේ කියවීම ඊට වෙනස්.

පවතින සමාජ ක්‍රමය විසින් නිර්මාණය කරන ලද නිර්ධන පාංතික මෙන්ම පහල මධ්‍යම පාංතික නාගරික ජීවිත ගොඩක්(අපිත් අැතුළුව)පැය එකයි විනාඩි හතලිස් පහක් අැතුලත අපිත් එක්ක අපිට අපේ ජීවිත අභ්‍යන්තරය පොඩි කියවීමකට පොඩි අවස්ථාවක් සලසනව.දේපල රහිතභාවයෙන් සහ එ්ව ග්‍රහණය කිරීමට යත්න දරන හිනමානයෙන් පසුවන පහල මැද පංතිය සහ කම්කරැ ජනතාව දේපල ලබා ගැනීමේ ප්‍රමෝදය අතර කල දවස ගෙවයි.දේපල උකහා ගැනීම සදහා කල හැකි සමාජය පහත් යැයි සම්මත ඔිනෑම ක්‍රියාවලියකට සම්මාදන් වීමට පසුබට නොවන ජීවිත අධි අර්ථකථනයකින්තොරව හරි හෙමීට අපි ඉදිරියෙන් යෑමට සලස්වයි.අභිසරැලියන් මෙන්ම තැඹිළි විකුණන්නාගේ දරිතය හරි අපූරැවට උක්ත කල්පිතය සංතෘප්ත කරයි.

පශ්චාත් ධනවාදයේ අාතල් එක හරි රහට රස විදින සහ එහි ප්‍රතිඵල භුක්ති විදින ෆැන්ටසිය තම උරැමය කරගත්,රැකියා විරහිතභාවයෙන් බැට කන අපේ කාලයේ තරැණ ජීවිතය සජීවීකරණය කරන්නේ දසුන්.ධනවාදයේ උරැම කරපු බයිසිකල් උන්මාදයට යටවුණු තරැණයා මුදල් අගහිගකම් මැද වාරික ක්‍රමයට සිහින යථාර්තයක් කිරීමට යත්න දැරැවද රැකියා විරහිතභාවය ඊට හරස් කපයි.උගසට තබන රන් මාලයෙන් බලාපොරොත්තු සාක්ෂාත් කරගත්තද එයත් ගිලිහී යන්නේ එයද සමාජ ක්‍රමය නිර්මාණය කල උගුලක් නිසාවෙනි.

මිනිසා තුල අැති අධික කාමුක අසහනය තෘප්ත කරගන්න ලව් කියන එක අැතුලෙ වගේම එයින් ඔබ්බට ගිහින් අභිසරැලියක් එක්ක හෝ අැන්ට පාරක් එක්ක විනාඩි කීපයක් ගෙවන්න හදන මහන්සිය චිත්‍රපට වෘතාන්තය තුල කියවීමක් කරයි.

පෙම් සුව විදින්න දසුන් සහ සමනලී මුළු දවස පුරා ලොකු වෑයමක් දරන අතර පසුතලයෙ අැති අතුරැ චරිත වල තරැණ යුවලවලටද මෙකී ප්‍රශ්නයට මැදි වී අැති අයුරැද ඔවුන් වැල්ලේ,ගස්යට,ගල් උඩ මිරිකෙමින් දරා ගන්න බැරි හැගීමක් ලබන්නට උත්සුක වෙයි.මේක වල් කමද,පාදඩ කමද එහෙම නැත්නම් අාදරයද යන්න අර්ථ කථනයක් දීමට නොහැකි අතර එය එකිනෙකට සාපේක්ෂ කාරණයකි.

කෙසේ නමුත්,මේ සමාජ අර්බුද මැද, යන්න එන්න තැනක් නැතිව සිකියුරිටි බැනුම්,පොලිස් කෝචොක් එක්ක පංති කට් කරල අාදරය විදින්න දසුන් එක්ක සමනලී එක දවසක් අැතුලත මහන්සි ගන්නව.

මේකෙ සුපිරි නළුවො නෑ...පට්ට ස්මාට් පොරකුත් නෑ...ගැහුවම දහයක් දොළහක් විසිවෙන ෆයිට් නෑ...ඉතිං අපට මේව සෙට් වෙන්නෑ..මොකද,අපි tamil ෆිල්ම් ප්‍රේක්ෂකාගාරයෙ ඉන්න පත්තියන් වෙනකම් එ්ව බලන අධි රසඥතාවයෙන් පිරි නරබන්නොනේ.....


මලීෂ් කඹුරුගමුව.





























































3 comments:

  1. අැත්තටම, මේක 2016 සැප්තැම්බර් 16 වැනිද මුහුණු පොතේ මගේ බිත්තිය මත තියපු සටහනක්.

    ReplyDelete
  2. ස්තූතියි මිත්‍රයා.මේ පැත්තෙ අාවටත් බොහොම තුති.

    ReplyDelete