ජිවත් උනත් කුණු එක්ක
හිත තාම පිරිසිදුය
වැරහැලි අඳින නිසාද මන්ද මිනිස්සු අමුතුවට බලන්නෙ
එපා ආයෙත් එහෙම බලන්න
එතකොට දුකයි හදවතට
මොකද, අපිත් මිනිස්සු බව
නොතේරෙනවද උබලට?
මං වැඩකරන ටියුෂන් පන්තියට
ආව අද ලොකු කෙලී
උදේ බැදල දුන්න බත් මුලේ කොලේ
දැම්මෙ මගේ මුණවත් නොබල
කුණු මල්ල මම උස්සගෙන
දැණුනෙ මහා කළුගලක් අතරිනවා විලසින්
හදවතට
උබට ලැජ්ජා හිතුනද
"අම්මේ"කියන්න දුවේ?
උබ දොස්තර නෝනා කෙනෙක් කරන්න
අදිනවා කුණු මම තව
මගෙ දුවේ.
මලිෂ් කඹුරුගමුව.
නිමිත්ත:-දෙදහස්පහලොව වර්ෂයෙ මුල් කාර්තුවෙ දවසක අගනගරයෙ එක්තරා ටියුෂන් ආයතනයක අවන්හලකදී දුටු දසුනක්.
ReplyDelete