Friday, December 8, 2017

ගිනි පුපුරු






ගිනි පුපුරු,

ඝන කැලේ කපයි උන්
නිදහසේ
මහ කැලේ හුන් වනසතුන්
කොහි ගියේ..

මුළු රටේ සිල්වතුන්
බොහෝ ඇතේ..
ඇස් ඉදිරියේ විනාසයි
වනන්තරේ..

මහතුනේ,
උඟුල ගනිව් තොපේ ඇස් ගෙඩි
නොපෙනේනම් විනාසේ..
වරෙන්,යමව් රැකගන්න
මහ කැලේ..
නැතිනම් කපයි උන්
නිදහසේ
මහ කැලේ...

විල්පත්තුවේ
ගිනි පුපුරු
ඇවිලේවි මුළු රටේ
නිදහසේ...

(ගිනි පුපුරු ඇවිලීමට පෙර දෙසැම්බර් 14 සවස 2 විහාර මහදේවි උද්‍යානයට ජාති,පක්ෂ,පාට,ආගම් භේදයකින් තොරව ඔබත් පැමිණෙන්න)

මලීෂ් කඹුරුගමුව.

2 comments:

  1. සතුන් ට අන්ත ,
    ඇදුම් ඇදගත් සතුන් ,
    කරන දේ බලා සතුන් ,
    නොව හදන්නේ වන රුක් දෙව්සතුන් ..............

    ReplyDelete